පොහොර ගැටලුව සම්බන්යෙන් තමන් කම්පාවට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවීන් විශාල පිරිසක් පොහොර අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකය.
ගාල්ලේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රශ්නය - "මේ තත්ත්වයත් එක්ක සතුටක්ද කළකිරීමක්ද තියෙන්නේ?"
පිළිතුර - "කිසි කළකිරීමක් නෑ. මේ චේතනාව හොඳ දෙයක්. හොඳ ව්‍යාපෘතියක් කළේ. මේකේ අඩු පාඩුකම් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මෙතනදී ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවී අපි මේ රටේ ජාතික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන මේ වැඩේ කරගෙන යන්නයි හදන්නේ. ව්‍යාපෘතියක් කිරීමේදී නැගීම් බැසීම් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථ වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේක හොඳ චේතනාවකින් කළේ."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
