ජනමතවිචාරණවලට ලෑස්ති වෙන්න එපා : ඒවා වානා - මෛත්‍රී ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි !

ජනමතවිචාරණවලට ලෑස්ති වෙන්න එපා : ඒවා වානා - මෛත්‍රී ආණ්ඩුවෙන්  ගේම ඉල්ලයි !

ජනමත විචාරණයක් මගින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැතිවූ වසර 2 ක කාලය නැවත ලබාගන්නට තමන්ට තරුණයකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවසූ අතර ඊට හැරෙන තැපෑලෙන් විරෝධය දැක්වීමට හිටපු ජනාධිපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇත.

ඒ ඊයේ (09) මාතර පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව ට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ , ජනමතවිචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය,

“රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ…පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න