Language Switcher

V2025

‘‘බාර් ලයිසන්’’ 150 ක් ගිය අවුරුද්දේ දී දීලා

මත්පැන් බලපත්‍ර 150 ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහාය. එම සංඛ්‍යාව 81කි.

ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් ( නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේදී අරඹන බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු ආරම්භ කර කරගෙන යන බවද පැවසුවේය.

lankadeepa