Language Switcher

V2025

මහජන බැංකුව චීන පොහොර නැවට මුදල් ගෙවයි

මහත් අර්බුදයකට ලක් වූ චීන පොහොර නෞකාව අයත් සමාගමට මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව ණයවර ලිපියට අනුව මහජන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල චීන පොහොර සමාගම වෙත ගෙවා තිබේ.

මහජන බැංකුව සදහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.

පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය.