ත්‍රි'මලේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ

ත්‍රි'මලේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව, ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇතැයි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් වෙයි.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කෙරෙයි.

ලංකා IOC සමාගම දැනටමත් භාවිතය ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීම සිදුවෙයි.

එහිදී අයි ඕ සී සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50කට ඔවුන්ට බදුදීමට නියමිතය.

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත සමාගම හරහා සංවර්ධන කිරීම මෙම ගිවිසුම මගින් සිදුකරයි.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම තෙල් සංස්ථාවෙන් පත්කෙරෙන අතර එහි සභාපති ධූරය හිමිවන්නේ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය.

Capture 01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න