Language Switcher

V2025

අදත් විදුලිය බිඳ වැටීමක් : CEB

අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා හා විදුලි බලාගාර පද්ධති බිදවැටීම් හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබානොදීම ආදී හේතු මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර ඊයේ රාත්‍රීයේ අවස්ථා කිහිපයකදී කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට තිබුණි.

කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර ආපදාවට ලක්වීම ඊට හේතුවේ තිබේ.

කැළණිතිස්ස බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය ද අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.