නාමල්ට ඇමරිකාව තහනම් වුණේ මුදල් විශුද්ධිකරණ චෝදනා නිසා !

නාමල්ට ඇමරිකාව තහනම් වුණේ මුදල් විශුද්ධිකරණ චෝදනා නිසා !

නාමල් රාජපක්ෂ වෙත ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූවන්ගේ ලැයිස්තුවට නම ඇතුළත් කර තිබීම හේතුවෙන් බව ඉන්දීය වෙබ් අඩවියක් අනාවරණය කර සිටියි.

the new indian express නම් එම වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට නාමල් රාජපක්ෂ මෙන්ම ඔහුගේ පවුලේ උදවියද දුෂණ චෝදනා ලබා ඇති බවත් ඒ බව මහින්ද රාජපක්ෂගෙන් පසුව ලංකා ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේනද අවධාරණය කර ඇති බව එහි සඳහන් ය.

එසේම එක්සත් ජනපද බලධාරීන් එක් එක් සිදුවීමක් සම්බන්ධව ප්‍රතිචාර නොදක්වන බවත් මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබීම හේතුවෙන් සංචාරක ගමන් ලැයිස්තුවට නම ඇතුලත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දුෂණ නඩු විභාග කිරීම සඳහා නව අධිකරණ පිහිටුවීමට ලංකාව කටයුතු කරමින් සිටින බවද එහි සඳහන්ව ඇත.

Captureක

සබැදි පුවත්

නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් ! : ගුවන්යානයට නගින්නත් එපා කියලා

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න