නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් ! : ගුවන්යානයට නගින්නත් එපා කියලා

නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් ! : ගුවන්යානයට නගින්නත් එපා කියලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සුදානම් වන විට ඔහුට ඇමරිකාවට ඇතුල්වීමට තහනම් බව එක්සත් ජනපද නිලධාරීන් දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවට ගොස් සිටියේ එරට පැවති ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් වන අතර එම කටයුතු අවසන් කර ඇමරිකාවේ හුස්ටන් බලා පිටත්ව යන යානයකින් ගමන් පහසුකම් සලසා ගන්නට යන අතරවාරයේ එක්සත් ජනපද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දැනුම්දීම සිදුකොට ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යාලය උපුටා දක්වමින් මේ සම්බන්ධව වාර්තා කරන indianexpress. com වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ එක්සත් ජනපද නිලධාරීන් කිසිඳු දැනුම්දීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බව සහ නාමල් රාජපක්ෂ සතුව වලංගු වීසා බලපත්‍රද තිබු බවය.

මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය twitter ගිනුමේද සටහනක් තබා ඇත.

Captureනමල 1

Captureනමල

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න