ඇමති මණ්ඩල සංශෝධනයක් : ගැලවෙන ඇලවෙන ඇමතිධූර මෙන්න !

ඇමති මණ්ඩල සංශෝධනයක් : ගැලවෙන ඇලවෙන ඇමතිධූර මෙන්න !

කැබිනට් මණ්ඩලයේ සංශෝධනය ලබන 10 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍යධූරයද එසේ වෙනස් කෙරෙන අමාත්‍යධුර අතර වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය ධූරයට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එස්.එම් චන්ද්‍රසේන මහතා පත් කිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.

ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති කිහිපයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යවරයෙකි. ඔහුගේ එම ව්‍යාපෘති රජයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.

නව වසරේ නව ගමනක් යෑමට රජය තීරණය කර ඇති අතර මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ ගමනට උත්තේජනයක් වශයෙන් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට මන්ත්‍රීවරයකු පත්කිරීමද මෙදින සිදු කෙරෙනු ඇත.

මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිතය .

-Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න