Language Switcher

V2025

PB මොකද කළේ ? තමන් මොකද කළේ ? විජේදාස සිහිකරවයි !

"2002 වසරේ රුපියල් කොටි 12,500 කට වඩා වැඩි වත්කම් තිබු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් කොටි 600 කට එවකට පවතී රජය, අරක්කු සමාගමකට විකුණා දමන ලදී. 2007, ජනවාරි මස 12 වන දින මා ඉදිරිපත් කල COPE වාර්තාව අනුව රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්ස්, වරාය ඉඩම් නැවත රජයට පවරා ගන්නා ලෙසට මා නිර්දේශ කලේ ජීවිත තර්ජන මද්‍යයේ සහ නිවසට වෙඩි වරුසා එල්ල වෙද්දීය. ඒවා නැවත පවරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු විට මහින්ද රාජපක්ෂ රජය ඒවා රජයට පවරා ගැනීමට එරෙහිව වසර 2ක් නඩුව කල් ඇද්දේය. එවකට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දු 2ක් මත නැවත රජයට ඒවා පවරා ගන්න ලදී. පි.බි. ජයසුන්දරට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවීමට නියම කොට මුදල් අමාත්‍යංශ ලේඛම් තනතුරෙන් නෙරපන ලද්දේ එම තීන්දු මගින්ය." යනුවෙන් ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පවසයි.

ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරන අතර වැඩිදුරටත් එහි මෙසේද දැක්වෙයි.

රක්ෂණ සංස්ථාව නැවත ජනතා අයිතියට ලබාදීම වෙනුවෙන්, රක්ෂණ සංස්ථාවේ සේවක මණ්ඩලය මා හට උපහාර දැක්වීම පිණිස උත්සවයක් සංවිධානය කළේය. එම දිනයේදී මා හට රක්ෂණ සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කලේද එම රජයමයි. අද දින රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 73ක් රක්ෂිතයන්ට බෝනස් ගෙවූ බව දක්වමින් 60 වන සංවත්සරය අභිමානවත්ව සමරයි. මම රජයට සහ ජනතාවට මෙම අභිමානය ලබා දුන්නේ ජීවිත තර්ජන නොතකා මා සැලූ ලේ දහඩිය කඳුළු වලින් බව මමද අභිමානවත්ව සිහිපත් කරමි. තවද රක්ෂණ සංස්ථාවේ පවතී අරමුදලක තිබු මුදල් යොදාගෙන ලිට්රෝ ගස් සමාගමද ආරම්භ කිරීමට හැකිවුයේ එම නඩු තීන්දුව නිසාය.

Link - https://www.facebook.com/100044588162653/posts/484254256404176/?d=n