ඉලන්චෙලියන්ගෙන් නිර්භීත තීන්දුවක් : පුජක ඝාතනයට හමුදා සෙබලෙකු සහ දෙදෙනෙකුට මරණ දඬුවම

ඉලන්චෙලියන්ගෙන් නිර්භීත තීන්දුවක් : පුජක ඝාතනයට හමුදා සෙබලෙකු සහ දෙදෙනෙකුට මරණ දඬුවම

යාපනයේ සංකානෙයි ප්‍රදේශයේදී හින්දු පූජකවරයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල සිදුකිරීම මෙන්ම කොල්ලකෑම යන සිද්ධීන්ට වැරදිකරුවන් වූ යුද හමුදා සෙබලෙකු ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුට යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරණ ඇති බවා වාර්තා වෙයි.

ඊයේ (22) මෙම නියෝගය නිකුත් කර ඇති අතර ඒ යාපනයේ පදිංචි කේ.මුහුන්දන් හෙවත් ශක්ති, බාලසුබ්‍රමනියම් ශිවරූබන් යන දෙදෙනා හා යුදහමුදා සෙබළ පේදුරු ගුණසේන යන තිදෙනාය.

එහිදී විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්වූ චෝදනාවී තිබුණේ 2010 අප්‍රේල් මස 11 වෙනිදා යාපනයේ සංකානෙයි හින්දු කෝවිලේ පූජකවරයා වූ එස්.ශිවානන්දන් කුරුක්කල්වරයාගේ නිවසට ඇතුළු වී ගිණි අවියකින් වෙඩි තබා කුරුක්කල්වරයා මරදැමීම, ඔහුගේ පුතාට එම ගිණි අවියෙන්ම වෙඩිතබා තුවාල සිදු කිරීම, යතුරු පැදියක් හා මුදලින් රුපියල් 50,000 ක් කොල්ල කෑම වන අතර චෝදනා සියල්ලටම විත්තිකරුවන් තුන් දෙනාම වරද කරුවන් බව විනිසුරුවරයා තීන්දු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න