රනිල්ට පක්ෂව එජාපයේ අත්සන් හිඟයක්

රනිල්ට පක්ෂව එජාපයේ අත්සන් හිඟයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අගමැතිට පක්ෂ ලියවිල්ලක් සඳහා අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

එහෙත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එම ලියවිල්ල සඳහා සමස්ත එජාප පාර්ලිමේන්තු කණ්ඩායමම අත්සන් තබා නොමැති බවය.

එසේම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධව සිටින සුළු පක්ෂ මන්ත්‍රීවරුන්ද අදාළ ලියවිල්ලට අත්සන් තබා නොමැති බවත් ඉදිරියේදී එම පාර්ශව සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අපේක්ෂිත බවද වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයාට සහය පල කිරීමට කැමැත්ත දක්වමින් මෙම යෝජනාවට අත්සන් එකතු කා ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ටද එම ලියවිල්ලට අත්සන් තැබීම සඳහා ආරාධනා කිරීමට එජාපය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ වන විට මේ වන විටත් එම ලියවිල්ලට අත්සන් තබා ඇත්තේ 70 කට ආසන්න පිරිසක් බවත් එජාපයේ පමණක් මන්ත්‍රීවරුන් 82ක් සිටියදී සහ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවට පනින සිටි ඇතැම් මැති ඇමතිවරු මේ සඳහා අත්සන යොදා නොමැති බවත් ඒ සම්බන්ධව එජාප අභ්‍යන්තරයේ දැඩි කතාබහක් මතුව තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න