ඊළඟ ජනාධිපතිවරණයට පොහොට්ටු අපේක්ෂකයා අනිවාර්යයි - මහින්ද

ඊළඟ ජනාධිපතිවරණයට පොහොට්ටු අපේක්ෂකයා අනිවාර්යයි - මහින්ද

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියෝජනය කරමින් අපේක්ෂකයකු නිශ්චිතව ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ පළාත් පාලන නියෝජිතයන්ගේ දිවුරුම්දීම අමතමින් හිටපු ජනාධිපතිවරයා මේබව පැවසු අතර එහිදී ඉදිරියට පැවැත්වීමට නියමිත පළාත් සභා, පාර්ලිමේන්තු ඇතුළු සාම මැතිවරණයක් සඳහාද ශක්තිමත් අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

එසේම මාධ්‍ය ඇතුළුව විරුද්ධවාදී පාර්ශව මේ වන විටත් පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ වැඩ කටයුතු කෙරෙහී අවධානයෙන් සිටින බවත් ඒ හේතුවෙන් වචනයක් නොඅසන ලෙස සියළු දෙනා කටයුතු කල යුතු බවද ඔහු පැවසීය.

තවද පක්ෂයට මීළඟ මැතිවරණ ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් විශාල වගකීමක් පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ඇති බවත් ඒ හේතුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කල යුතු බවද ඔහු පැවසීය.

රංජන්ටත් දෙහි කපයි

මෙහිදී පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකල කතාවටද හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්වීය. ඒ රංජන් රාමනායක පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශය සිදුකල බවත් ඒ රජයට අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බවත් පවසමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න