ජනාධිපති අතින් නව පත්වීම් 3 ක්

ජනාධිපති අතින් නව පත්වීම් 3 ක්

කැස්බෑව ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු මන්තී‍්‍ර, නීතිඥ රජික කොඩිතුවක්කු පත්කර තිබේ.

ඒ මහතා අද (22) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වෘත්තියෙන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන රජික කොඩිතුවක්කු මහතා 1999 වසරේදී කි‍්‍රයාකාරි දේශපාලනයට පිවිසි අතර, මේ වන විට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කරනු ලබයි.

මීට පෙර ඒ මහතා කොළඹ දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය.

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන පත්කර තිබේ.

සරත චනද රසර

ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන සරත් චන්ද්‍රසිරි විතාන මහතා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.

ඒ මහතා ද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන චන්ද්‍රරත්න පල්ලේගම මහතා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල අයෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න