නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි නව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 05 ශ්‍රේණිය හා ඉන් ඉහළ පංති සඳහා 50%ක ධාරිතාවයෙන් උපකාරක පන්ති පවත්වා ගෙන යා හැකියි.

ආගමික ස්ථානවල තනිව වැඳුම් පිඳුම් කිරීම සඳහා අවසර හිමි වෙයි.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇති අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

පෞද්ගලික සාදා පැවැත්වීමේදී උත්සව ශාලාවක නම් එහි ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයකට ද, නිවසක නම් උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට ද අවසර හිමිව ඇති අතර කෙසේ වුවත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

ආපනශාලා, වෙළෙඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළෙඳසැල් සඳහා වරකට ඇතුලත් කර ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව එහි ධාරිතාවයෙන් 50% කට පමණයි.

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් සහ නිවසින් බැහැරව යෑම හැකිතාක් සීමා කිරීමට වගබලා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී අදාළ ප්‍රවාහන මාධ්‍යයන් තුල ආසන සංඛ්‍යාව අනුව මගීන් රැගෙන යාම සිදුකළ යුතුය. වායු සමීකරණය කරන ලද වාහන මගී ප්‍රවාහනය කිරීමේදී වා කවුළු විවෘත කිරිමට පියවර ගත යුතුය. එමෙන්ම සියලුම මගීන් මුව ආවරණ පැළඳ සිටිය යුතුයි.

සේවා ස්ථාන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු පවත්වා ගෙන යෑමට අවසර ලබාදී තිබේ.

නැවත දැනුම් දෙන තුරු මහජන ඒකරාශිවීම්, රැස්වීම ආදිය පැවැත්වීම සපුරා තහනම් වේ.

1

2

3 1 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න