ආහාර හිඟය එනවා සත්තයි : අමරවීරත් පිළිගනියි !

ආහාර හිඟය එනවා සත්තයි : අමරවීරත් පිළිගනියි !

ආහාර හිඟයක් ඇති වන බව කී කෘෂි විශේෂඥයනට බැන වැදීමෙන් ඵලක් නැති බවත් ඔවුන් මීට පෙර කී අනාවැකි නිවැරදි බව ඔප්පු වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මීට පෙරද කෘෂි විශේෂඥයන් අනතුරු ඇගවූ අවස්ථාවල ආහාර හිගයක් ඇති වූ බවත් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් සූදානමකින් කටයුතු කල බවත් අමාත්‍යවරයා පැවසීය .

ගිය කන්නයේ දී ගොවීන් මුණ පෑ තත්ත්වය පිළිබඳව තමන් ගොවීන් ගෙන් සමාව ඉල්ලූ බවත් මේ කන්නයේදීත් එවැනි තත්වයක් ඇති නොවන්නට වැඩ කරන්නැයි ඉල්ලා සිටි නමුත් අවාසනාවකට එක වරක් නොව දහස් වරක් ගොවීන් ගෙන් සමාව ඉල්ලන්න සිදුවන තරම් වැරදි අඩුපාඩු සිදුව ඇති බවත් ඔහු පැවසීය.

ලේකම්වරුන් මාරු කිරීමෙන් හෝ ඔලුගෙඩි වෙනස් කිරීමෙන් කෘෂිකර්මය පිළිබඳ පවතින ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් දීර්ඝකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න