ශ්‍රීලනිප විමල් වාසු ගම්මන්පිල පාර්ශ්වයට නාමල්ගෙන් රතු එළියක් !

ශ්‍රීලනිප විමල් වාසු ගම්මන්පිල පාර්ශ්වයට නාමල්ගෙන් රතු එළියක් !

කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත් පසු සියලු දෙනා ඒ සමග සාමූහිකව බැඳෙන බවයි.

යම් තීන්දුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව එම විවේචන සිදු කරන බවත් වෙනත් අමාත්‍යවරුන්ටද එවන් ප‍්‍රශ්ණයක් ඇත්තේ නම් සිදුකළ යුත්තේ එය බවත් ඔහු පෙන්වා දෙයි.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේම අමාත්‍ය කිහිපදෙනකු විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව යුගදනවිය ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය දක්වා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇතුළු පිරිසකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න