ත්‍රි'මලේ තෙල් ටැංකි වෙනුවෙන් : ගම්මන්පිලගෙන් අලුත් සමාගමක් !

ත්‍රි'මලේ තෙල් ටැංකි වෙනුවෙන් : ගම්මන්පිලගෙන් අලුත් සමාගමක් !

Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිටවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.

එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල විශ්වාසය පළ කළේ ය.

මීට පෙර අමාත්‍යවරයා පවසා තිබුණේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියාව වෙත පවරා ඇති බවයි.

මේ වන විට ඒ ප්‍රකාශය සහ ගම්මන්පිල අමාත්‍යවරයා ගේ නව සමාගම අතර පරස්පරය සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් පවතී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න