කබ්‍රාල් ඩොලර් මවයි !

කබ්‍රාල් ඩොලර් මවයි !

අද (29) වන විට ශ‍්‍රි ලංකාවේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.

ඒ බව සඳහන් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්වීටර් පණිවිඩයක් නිකුත්කර ඇත.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

cabb

මෙසේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඉහළ ගියේ කෙසේදැයි මහබැංකු අධිපතිවරයා මෙතෙක් විස්තර කර නැතත්, චීනයෙන් ලැබීමට නියමිතව තිබුණු ඇමරිකානු ඩෙලර් බිලියන 1.5 ක ණය මුදල ලැබීම මීට හේතු විය හැකි බව මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් පවසයි.

කෙසේ වුවත් මේ හරහා එදා වේල ගතකිරීමට, එනම් අත්‍යවශ්‍ය ආහාර ප්‍රමුඛ භාණ්ඩ ආනයනය මිස වෙනත් කිසිදු ප්‍රතිලාභයක් නැති බවත් ඔවුන් පවසයි.

මේ වන විට මෙරට අංක එකේ ආර්ථික විශේෂඥයන් IMF යාම හරහා අර්බුදය කළමනාකරණය කරගන්නට යෝජනා කරන නමුත් , ආණ්ඩුව ඒ නොතකා ක්‍රියාත්මක වීම ආර්ථික විද්‍යා මූලධර්ම හරහා තේරුම් ගන්න දුෂ්කර බවත් මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් අවධාරණය කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න