ගම්මන්පිල ගේම ඉල්ලයි : ඉතිං අයින් කරන්න !

ගම්මන්පිල ගේම ඉල්ලයි : ඉතිං අයින් කරන්න !

ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් මෙම සිද්ධිය නොමැති වුවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් අමාත්‍යවරයා කීය.

යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.

තමන් ඇතුළු අමාත්‍යවරු තිදෙනා වැරැද්දක් නොකිරීම හේතුවෙන් ඉල්ලා අස්වුවහොත් වැරැද්දක් කළ බවට පිළිගැනීමක් බවට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා තමන් කළේ හරි දේ යැයි ස්ථාවරය අදටත් දරණ බවත්ය.

ඵිවිතුරු හෙළඋරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ කළ විශේෂ විමසුමකදී මෙසේ පවසා ඇත.

‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණයේ නඩු පැවරීම වැරදි වැඩක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ (27) පවසා තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න