මෙහෙම ගියොත් ටික දවසකින් කෑම කන්නත් එපා කියයි - සජිත්

මෙහෙම ගියොත්  ටික දවසකින් කෑම කන්නත් එපා කියයි - සජිත්

ආණ්ඩුව ආව දවසේ ඉදලා, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ටනම් දුකක් නැතිව සැප ලැබුණු බවත්, ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පැවසීය.

ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්,එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ පිරිසක් ජනතාවට “ටිකක් කන්න කියන බවත්

තව සමහරු” එක වේලක් අඩු කරලා” කන්න කියන බවත් කී විපක්ෂ නායකතුමා

තව ටික දවසකින් ” කන්න එපා.”කියා කියනු ඇතැයිද කීය.

ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බව කී විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් බවද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (28) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවට යමිනි.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

– media unit

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න