රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට දන්වලා !

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට දන්වලා !

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට අයත් සියලු ප්‍රධානීන් ඉල්ලා අස්වන ලෙස නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුරවලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව ය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇති අතර ඒ වන විටත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් සුදත් රෝහණ මහතා ඉවත් වීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වන බවත් ඒවායේ සඳහන් වෙයි.

සැලසිනේ සභාපතිවරයා වන්නේ අමිල මුරේමඩ යි.

මේ අතර වාර්තා වන්නේ රජයේ අනෙක් මාධ්‍ය ආයතනවලට ඉහළ ධුරයන් සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න