හේතු නොදක්වා ලේක්හවුස් මාධ්‍යවේදී මංජුල ඉවත් කරලා !

හේතු නොදක්වා ලේක්හවුස් මාධ්‍යවේදී මංජුල ඉවත් කරලා !

ලේක් හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය කළමනාකරු මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ අවධානය යොමුකර ඇත.

ඊට අදාළ ලිඛිත විමසීම 2021 දෙසැම්බර් 27 අමාත්‍යවරයා වෙත යොමුකිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කර ඇත.

ඊට අනුව රජයට අයත් ලේක් හවුස් පුවත්පත් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි මංජුල සමරසේකර මහතාගේ සේවය 2021/11/25 දිනැති අංක රහිත ලිපියක් මගින් අත්හිටුවා ඇති බව අප දැනුවත් කර ඇත.

මංජුල සමරසේකර මහතා පවසන පරිදි මාසයක් ගත වී ඇති නමුත් ඔහුගේ වැඩ තහනමට අදාළ හේතු දක්වා නැත.

ලේක් හවුස් ආයතනයේ මානව සම්පත ප්‍රධානී විසින් වින්දිත මංජුල සමරසේකර වෙත යොමුකළ ලිපිය තුළත් මෙකී සේවය අත්හිටුවීමට හේතු දක්වා නැත.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මංජුල සමරසේකර මාධ්‍යවේදියා ඉමහත් චිත්ත පීඩාවකට පත්ව සිටින අතර රැකියාව අහිමිවීමෙන් මාධ්‍යවේදියෙකු අනාරක්ෂිත ආර්ථික තත්ත්වයකට ඇද වැටෙන බව මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති අමාත්‍යවරයා ට අමුතුවෙන් පැවසිය යුතු නැති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යොමුකළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි .

IMG 20211227 WA0026

කවුරුත් දන්නේ නෑ !

මංජුල සමරසේකර මාධ්‍යවේදියාගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් අප ලේක්හවුස් හී පොදුජන පෙරමුණ ට සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙතින් විමසුවත් ඔවුන් පවසන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවයි.

එසේම අදාළ නියෝගය නිකුත්කර ඇත්තේ කවුද යන්න තමන් නොදන්නා බවත් ඔවුන් පවසයි.

එසේම අදාළ මාධ්‍යවේදියා කිසියම් විනය කඩකිරීමක්, හෝ නීති විරෝධී කටයුත්තක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් හෝ නොමැති බවත් ඔවුන් පවසයි.

දැන් ප්‍රශ්නය වන්නේ මේකටත් අනිත් හැමදේටම මෙන් වගකිවයුතු අයෙකු නොමැති වීමයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.