ඩොලර් හිඟය දරුණු අතට : රනිල්ගේ විශේෂ නිවේදනය මෙන්න !

ඩොලර් හිඟය දරුණු අතට : රනිල්ගේ විශේෂ නිවේදනය මෙන්න !

ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්වයකට පත්ව තිබෙන බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්,ගොවින් අතරමන් වී ඇති බවත්,මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය පැවතියද 2020/ 2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි ඔහු පැවසුවේ.

මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බවයි බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බවයි ඔහු පැවසුවේ. එමෙන්ම මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් ඔහු පවසයි .

මිට අමතරව රට තුල ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප්‍රශ්නයක් බවද ඔහු මෙහිදී පැහැදිලි කළා. ලැබී තිබෙන ආරංචි මාර්ග වලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රට තුල ආහාර හිගයක් ඇතිවන බව හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ප්‍රමාණයක් බවත් ඔහු පවසයි.

මෙවැනි තත්වයක් ඇති වුවහොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැනද සිතිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.මේ තත්වය මත කෝප උන ජනතාව අතර පිපිරීමක් ඇතිවන බවත් ඒ පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවයි,.වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කලේ.

ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ජා වහාම අවසන් කළ යුතු බවත් ඔහු පැවසීය.

ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්වය නොවිසදෙන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යැයි ආණ්ඩුවට දැනුම් දෙන බවයි අවසන් වශයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රඵලය පැහැදිලි කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.