ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදු කිරීමට සිදුවන බව විදුලිය බල අමාත්‍යංශය කියා සිටියි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන හැකියාව සම්පූර්ණ නොවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව අවශ්‍යතාව පරිදි ඇතැම් ප්‍රදේශවල පැය භාගයක් විනාඩි 40ක කාලයක් විදුලි සැපයුමට විසන්ධි වනු ඇතැයිද ඔහු පැවසීය.
බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වීමෙන් ඇති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පැවසූ ඒ මහතා සඳහන් රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවල පද්ධතිය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම සීමා කිරීම් කිරීමට සිදුවන බවත් කියා සිටියේය.
ජනන යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතිය සම්බන්ධ කිරීමෙන් පසුව තත්වය පහව යනු ඇති බවට ඔහු තවදුරටත් විශ්වාසය පළ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
