මුස්ලිම්වරුන්ට පහර දෙන වීඩියෝවක් මතුවෙයි

මුස්ලිම්වරුන්ට පහර දෙන වීඩියෝවක් මතුවෙයි

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් මුස්ලිම් පූජකයන්ට පහර දෙන වීඩියෝවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කිරීමට පෙරදා මුදාහැර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත්කොට ඇති අලුත්ම වීඩියෝ දර්ශනයක දැක්වෙන්නේ කන්ද උඩරට ප්‍රචණ්ඩතා දියත් වෙද්දී පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සන්නද්ධ භට පිරිසක් මුස්ලිම්වරුන් දෙදෙනකුට පොලු වලින් පහර දෙන ආකාරයයි.

2018-03-05 දින පස්වරු 4:59 ලෙස වේලාව සටහන් වී ඇති වීඩියෝව දිගන, හිජ්රාපුර ජුම්මා දේවස්ථානයේ පටිගත වූවක් බව JDS සංවිධානය පවසයි.

කන්ද උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ල දිගනින් ආරම්භ වූයේ මාර්තු 04 රාත්‍රියේය.

පහර කෑමට ලක්වූයේ මොහමඩ් නිසාම්ඩීන් සහ මොහමඩ් රමීස් යන මවුලවිවරුන් දෙදෙනා බව පවසන JDS මුස්ලිම්වරුන්ට පහර දීමට STF සක්‍රියව දායක වූ බවට කලින් වාර්තා කරන ලද තොරතුරු අලුතින් පිටවුනු තත්පර 32 ක වීඩියෝව මගින් තහවුරු වන බව පෙන්වා දෙයි.

පූජකවරුන් දෙදෙනාටම දිගන මහවීදිය දිගේ බරපතල ලෙස පහර දෙන ලද බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි පුද්ගලයන් එම සංවිධානයට පවසා ඇත.

පහරකෑමට ලක්වූ නිසාම්ඩීන් මවුලවිවරයා දින කිහිපයකට පසු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මහනුවර මහරෝහලට යවා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ රාජකාරියේ යොදවා සිටි STF ඇතුළු පොලිස් හා හමුදා සෙබළුන් සිංහල අන්තවාදීන් විසින් සංවිධානය කරන ලද මුස්ලිම් විරෝධී කැරැල්ලට සෘජුව හවුල් වූ බව ආණ්ඩුවේම ඇමැතිවරු චෝදනා නගති.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න