ආණ්ඩු පෙරලන බටහිර බලවේගයක් ! : Facebook සමාගමටත් චෝදනා

ආණ්ඩු පෙරලන බටහිර බලවේගයක් ! : Facebook සමාගමටත් චෝදනා

විවිධ රටවල දේශපාලන සහ මැතිවරණ තීන්දුවලට බලපෑම් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සහ බියගැන්විමේ ක්‍රමෝපායන් යොදාගන්නා බ්‍රිතාන්‍ය ආයතනයක් පිළිබඳව චැනල් ෆෝ නාලිකාව හෙළිදරව්වක් කර තිබේ.

අදාළ ආයතනය ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත එක් එක් රටවල ජනමතය හැසිරවීමට කූට ලෙස යොදාගත් බවටද එම ආයතනයෙන් ඉවත් වූ අධ්‍යක්ෂවරයකු හෙළිදරව්වක් කර ඇත්තේ ලෝක අවධානය ඒ වෙත යොමු කරමින්ය.

'කේම්බ්‍රිජ් ඇනලිටිකා' නම් වූ ආයතනයක් අසත්‍ය ප්‍රචාර සහ බියගැන්විමේ ක්‍රමෝපායන් යොදාගෙන විවිධ රටවල දේශපාලනික හා මැතිවරණ තීරණ වෙනස්කිරීමට බලපෑම් කරන බව සනාථ කෙරෙන වීඩියෝවක් චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රචාරය කරනු ලැබීය.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිවලදී දේශපාලන උපදේශනය සම්බන්ධයෙන් ක්‍රියාකරන අදාල සමාගම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලු රටවල් රැසක මැතිවරණ ව්‍යාපාර 200 කට පමණ සේවය සලසා තිබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල සඳහා බලපෑම්:

චැනල් ෆෝ මේ කූට ව්‍යාපෘතිය ගැන තොරතුරු හෙළි කරන්නේ උපායදූතයකු යොදාගෙන 'ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල සඳහා බලපෑම් කිරිමට එකී සමාගමේ සහාය ඉල්ලා සිටින මුවාවෙන් වීම විශේෂත්වයකි'.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ අභ්‍යන්තර තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තුවෙන් නව සබඳතා අවස්ථාවක් උදාකරගෙන ඇත.

ඒ ශ්‍රී ලාංකික නියෝජිතවරයෙක් සහ ඔහුගේ සහායකයා කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ සේවාව අවස්ථා ලබාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණය සාර්ථක කර ගැනිමේ අරමුණින්ය.

මේ අතර මෙම 'කේම්බ්‍රිජ් ඇනලිටිකා' ආයතනය ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය භාවිත කරන මිලියන පනහකට අධික පරිශීලකයන්ගේ පෞද්ගලික දත්තද දේශපාලනික වශයෙන් අයථා ප්‍රයෝජනයට ගෙන ඇති බවට එම සමාගමෙන් ඉවත් වූ පර්යේෂණ අධ්‍යක්ෂවරයකු මාධ්‍යයට හෙලිදරව්වක් කර තිබේ.

ඒ අනුව ෆේස්බුක් සමාගම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට පියවර ගෙන නොමැති බවට ඒ අනුව බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් සහ සහ නිව්යෝක් ටයිම්ස් යන පුවත්පත් චෝදනා කර තිබිණි.

මතුව ඇති තත්ත්වය තුළ ‍ෆේස්බුක් සමාගමට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අමෙරිකාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තමන් හමුවේ පෙනී සිටින ලෙස අමෙරිකානු සෙනේට් මණ්ඩලය ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙතද දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

(දෙරණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න