රවිනාථ ආර්යසිංහ යළිත් විදේශ ලේකම් පදවියට?

රවිනාථ ආර්යසිංහ යළිත් විදේශ ලේකම් පදවියට?

විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ පසුගියදා මංගල සමරවීර අමාත්‍යවරයාගේ භාෂ්මාවශේෂවලට ගරු බුහුමන් දැක්වීමට පැමිණ සිටිනු දැක බොහෝ දෙනා විස්මයට පත්වූහ.

මංගල සමරවීර විදේශ අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කේලාම් කියමින් දෙදෙනා අතර දැඩි විරසකයක් ඇතිකොට ව්‍යවස්ථා කුමන්ත්‍රණයට පවා ඔහු දායක වූ ආකාරය දන්නෝ දනිති. විදේශ අමාත්‍යාංශයේ ලේකම් පදවියට කෙල හලමින් සිටි ඔහුට විදේශ සේවයේ ගරු කටයුතු මහත්මයෙකු වූ ප්‍රසාද් කාරියවසම් සහ අමාත්‍ය මංගල අතර පැවති සමීප සම්බන්ධතාව දිරවාගත නොහැකි විය.

අමාත්‍යාංශයේ සේවය කරන සිය සගයන් යොදාගෙන පරිපාලන කටයුතු අවුල් කළ මේ දෙබිඩි පුද්ගලයා, සිය මාධ්‍ය මිතුරන් යොදාගෙන විවිධ ව්‍යාජ පුවත් ද ප්‍රචාරය කළේය.

ඉන් අනතුරුව ජනපති සිරිසේනට සමීප වූ සිය අමාත්‍යවරයාට එරෙහිව බේගල් ඇද බාන්නට විය.

ජනපති, අගමැති, විදේශ ඇමති එක්ව සකස් කළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාව මංගල ගේ කුමන්ත්‍රණයක් බවට රවිනාථ ජනපතිට බොරු කීවේය. ශ්‍රී ලංකාව ජාත්‍යනතර කළු පැල්ලම්වලින් බේරාගත් එම යෝජනාවට එරෙහිව ජනපතිවරයා විවේචන එල්ල කරන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

මංගලටද අමාත්‍ය පදවිය අහිමිකොට, ප්‍රසාද් කාරියවසම්ද ලේකම් පදවියෙන් එළවා දමා විදේශ ලේකම් පදවියට පත්වූ ඔහු, ඉන් අනතුරුව මංගලගේ සමීපම නිලධාරිනියක වූ මහේශිනී කොල්න්නේ ගෙන්ද පලිගත්තේය.

ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටි කතානායක කරු ජයසූරියට එරෙහිව ලොව පුරා ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නීති විරෝධී ලිපියක් යවුවේද ඔහුය.

එවන් රවිනාථ මංගලගේ භාෂ්මාවශේශවලට ගරු බුහුමන් දක්වන්නේ යළිත් වරක් විදේශ ලේකම් පදවියට ඉව ඇල්ලීමටද?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න