යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
අදාළ ගිවිසුමේ වගන්තියක මේ බව දන්වා ඇති අතර ඒ අනුව ගිවිසුම අත්සන් කළ දිනය වූ 2021/09/17 දා දිනයේ සිට 2023/09/17 දා දක්වා ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශ්වය විසින් හෙළි නොකරනු ඇතැයි වාර්තා වෙයි.
ගිවිසුමේ අන්තර්ගතය හෝ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටි අවස්ථාවේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මසක් ඇතුළත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියද මෙතෙක් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
