ජනතාවගේ නාඩි ගැන හැඟීමක් නැත්නම් රටක් පාලනය කරන්න බෑ - ඩීව්

ජනතාවගේ නාඩි ගැන හැඟීමක් නැත්නම් රටක් පාලනය කරන්න බෑ - ඩීව්

ජනතාවගේ දේශපාලන නාඩි ගැන හරි දැනුමක් නැත්නම් ඔහු දේශපාලනඥයෙකු නොවන බවත් එවන් අයෙකුට රටක් පාලනය කරන්න බැරි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර සඳහන් කරයි.

වර්තමානය රට මුහුණ දෙන අර්බුදයට විසඳුම් නොමැතිව රට අගාධයට යමින් ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නායකයන් මහජන නියෝජිතයන් මුණ නොගැසී නිරන්තර සාකච්චා නොපවත්වා කිසිම නායකයකුට රටක් පාලනය කළ නොහැකි බව ද එවිට මෙවන් අර්බුද මතු වීම නොවැළැක්විය හැකි බවත් ඔහු කියා සිටී.

නායකයන් පළමුකොටම අර්බුදවල ප‍්‍රශ්නවල ගැඹුර තේරුම් ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගෙන් අති බහුතරයක් අද වන විට ආණ්ඩුවෙන් ඈත්ව සිටින බවද පැවසූ ඔහු තුනෙන් දෙකක බහුතර බලයක් ලැබුණු සෑම ආණ්ඩුවකට මෙවැනි තත්වයන්ට මුහුණ දී බලෙන් පහව ගිය බව ඉතිහාසය සාක්ෂි දරන බවද කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.