තවත් කොරෝනා මරණ 27 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,399 ක් දක්වා ඉහළ ගියේ ය.
මියගිය පිරිස අතරින් 16 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 11 දෙනා කාන්තා ආසාදිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 08 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 19 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (02) වාර්තා කරන ලද මෙම මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
