විශ්වාසභංගයට අත්සන් තැබූ ඇමැතිලාට වැඩ වරදින ලකුණු : මන්ත්‍රී අත්සන් මෙන්න

විශ්වාසභංගයට අත්සන් තැබූ ඇමැතිලාට වැඩ වරදින ලකුණු : මන්ත්‍රී අත්සන් මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරමින් අත්සන් තැබූ අමාත්‍යවරුන්ට තවදුරටත් එම අමාත්‍යංශවල කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ දුෂණ විරෝධී සංවිධාන සඳහන් කරයි.

පෙනුම අගමැතිට එරෙහිව : ඒත් හරය ආණ්ඩුවට එරෙහිව

මේ බව අවධාරණය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන්නක් බවට ප්‍රසිද්ධ වුවත් එය ගෙනවිත් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහි පදනමකින් බවය.

Capture1 (විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහිවයි)

 එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් අග්‍රාමාත්‍යවරයා පමණක් හුදකලා කර විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකියාවක් නොමැති බවත් එවැන්නක් ගෙන එනවා නම් ඒ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් බව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිළිව දක්වා ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Capture2 (අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන)

ඒ බව මේ වන විටත් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ පැහැදිළිව සඳහන් කොට ඇති බව පෙන්වාදෙන එම පිරිස් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකට අත්සන් තබා තවදුරටත් ආණ්ඩුවේ නිලතල දැරීම සිදුනොවිය යුත්තක් බවය.

ඒ හේතුවෙන් අමාත්‍යධුර දරමින් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ තිදෙනා වහාම සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්විය යුතු බවත් සිය නිල වාහන ඇතුළු ආණ්ඩුවේ අමාත්‍යධුර ලැබීම නිසා ලබා ඇති වරප්‍රසාද සියල්ල නැවත පැවරිය යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

අත්සන් කල අයගේ අමාත්‍යංශ ජනාධිපති පවරාගත යුතුයි

එසේම අදාළ අමාත්‍යවරුන් ලිඛිත ලියවිල්ලකට අත්සන් තබමින් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය භංගවී ඇති බව පිළිගෙන ඇති බැවින් ඔවුන් සතු අමාත්‍යංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතු බවත් එසේ නොකළහොත් එය දේශපාලන බලය වෙනුවෙන් රාජ්‍ය දේපල අවභාවිතයට ඉඩදීමක් බවද ඔවුන් අවධාරණය කරයි.

මේ වන විටත් ආණ්ඩුවේ අමාත්‍යධුර දරන පාර්ශව 3ක් ඊට අත්සන් තබා ඇති අතර ඒ 9 වන අත්සන - ටී. බී. ඒකනායක (ඉඩම් රාජ්‍ය අමාත්‍ය), 10 වන අත්සන නිශාන්ත මුතුහෙට්ටිගම (නියෝජ්‍ය අමාත්‍ය - වරාය සහ නාවික කටයුතු) සහ 54 වන අත්සන- සුසන්ත පුංචිනිලමේ (නියෝජ්‍ය අමාත්‍ය- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ )යන අයය.

මහින්ද මාරු

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් තබා නොමැති බව තහවුරු වී ඇත.

ඒ මේ වන විටත් මාධ්‍ය වෙත නිකුත් කර ඇති කතානායකවරයා වෙත ලබාදුන් විශ්වාසභංග යෝජනාව ඇතුළත් ලියවිල්ලේ ජයාරූප හරහාය.

විශ්වාසභංග යෝජනාව සහ ඊට අත්සන් ලබාදුන් මැති ඇමති ලැයිස්තුව
29433027 10156286386323841 1948927780607487651 n 1

29433253 10156286386343841 6838229560315607977 n

29433253 10156286386343841 6838229560315607977 n

29497374 10156286386418841 2435550402573513113 n

29433344 10156286386453841 5828882151464876239 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න