තවත් බැඳුම්කර ප්‍රතිඵලයක් මෙන්න : පුදන කොටම කාලද සැකයි !

තවත් බැඳුම්කර ප්‍රතිඵලයක් මෙන්න : පුදන කොටම කාලද සැකයි !

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳූම්කර නිකුත් කිරීම ආරම්භයේ පටන්ම අති විශාල මූල්‍ය කොල්ලයක් සිදු කර තිබේදැයි බරපතල සැකයක් මතුවන තොරතුරු රැසක් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවකින් හෙළිවේ.

මෙම තොරතුරු 2012 නොවැම්බර් 17වෙනි දින හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වේ. විදේශයන්ගෙන් මුල්වරට ස්වෛරිත්ව බැඳූම්කර මගින් වාණිජ ණය ලබාගෙන ඇත්තේ 2007 ඔක්තෝබර් 24 වෙනිදාය. එය කල්පිරීම 2012 ඔක්තෝබර් 23 වෙනි දිනට සිදුවී ඇත. 8.25%ක පොලී අනුපාතිකය යටතේ ඩොලර් මිලියන 500ක් මෙසේ ලබාගෙන ඇත. එවකට පැවති ඩොලරයට රුපියල් 109ක් වූ විනිමය අනුපාතය අනුව මෙම ණය මුදල් රුපියල් කෝටි 5,620කි.

එය ආපසු ගෙවීමේදී රුපියල් කෝටි 6,400ක් සහ ඊට අදාල පොලිය ලෙස රුපියල් කෝටි 2,300ක් ගෙවීමට සිදුවී ඇත. එහෙත් රුපියලේ අගය අවප්‍රමාණය වීම මත පමණක් ලංකා රජය විසින් ආපසු ගෙවිය යුතු ණය මුදල සහ පොලිය පිළිබඳව දක්වා ඇති සංඛ්‍යාලේකන බරපතල ගැටලු මතු කර තිබේ. ණය වාර්ක සහ පොලිය ආපසු ගෙවීමේදී රුපියල් කෝටි 8,700ක් වැය වූ බව එක්සටහනක දැක්වේ.

මේ අතර රුපියල අවප්‍රමාණය විමෙන් ආපසු ගෙවීමට සිදු වූ බැඳුම්කරයේ වටිනාකම රුපියල් කෝටි 800කින් ඉහළ ගොස් ඇති බව තවත් සටහනක දැක්වේ. එසේම ඊට අදාල පොලිය වැඩිපුර ගෙවීමට සිදුවීම රුපියල් කෝටි 16,100ක් බවද එම සටහනේ දැක්වේ. මේ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනවල අතිවිශාල පරස්පරයක් පවතී. ආචාර්ය හර්ශ ද සිල්වා නැගූ ප්‍රශ්නයකට එවකට සිටි නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය සරත් අමුණුගම ලබාදී තිබෙන පිළිතුරකින් මෙම තොරතුරු හෙළි වේ.

-lanka truth

ISB 2021.11.28 768x590

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න