රසායනික පොහොර ගැසට් එක මන්ද පමා ? නැනෝ රජාට හදිසි ඇණවුමක් !

රසායනික පොහොර ගැසට් එක මන්ද පමා ? නැනෝ රජාට හදිසි ඇණවුමක් !

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක්, හදිසි ඇනවුමක් ලෙස ගෙන ඒමට රජය තීරණය කර තිබේ. කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කළේ, ඉදිරි දින 2 තුළ එම පොහොර තොගය මෙරටට ගුවන් මගින් රැගෙන එන බවය.

නැනෝ රජා වැඩක් නෑ !

ඉන්දියාවේ සිට ආනයනය කරන ආන්දෝලනාත්මක නැනෝ නයිට්‍රජන් පොහොර අපේක්ෂිත ප්‍රතිඵල නොදෙන බව ගොවීන් පවසයි.

වගා බිම් සඳහා මෙකී පොහොර යෙදුවත් ඒ ප්‍රතිඵල හීන බව ඔවුන්ගේ මතය වී තිබේ.

රසායනික පොහොර ගැසට් එක ප්‍රමාදයි !

මේ අතර ඊයේ (27) නිකුත් කිරීමට නියමිතව තිබූ රසායනික පොහොර ආනයනය ට අවසර දෙන ගැසට් පත්‍රිකාව නිසි වේලාවට ප්‍රකාශයට පත්ව නැති බවත් වාර්තා වෙයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ රසායනික පොහොර නැවත ආනයනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන තෙක් ඒවා ආනයනයට අදාළ අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බවය.

රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදුන්න ද පෙර පැවති තත්ත්වයට නොව ඒවා ආනයනය කිරීමේ දී යම් සීමා කිරීමක් සිදුකිරීමට සිදුවන බවත් එහිදී ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසා ඇත.

ගොවීන් කුඹුරට බැහැලා !

කෙසේ වුවත් රසායනික පොහොර ආනයන තහනම ඉවත් කර අදාළ ගැසට් නිවේදනය ඉවත්කර ගැනීම සමග ගොවිතැන් වලින් ඉවත්ව සිටි ගොවීන් රැසක් වගා කටයුතු සඳහා කඩිනමින් යොමුව ඇති බව ගොවි සංගම් පවසයි.

එය යහපත් ප්‍රවණතාවක් බව එම සංගම්වල මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න