ශ්‍රීලනිප ශක්තිමත් කරන්න කාගේවත් අවසර ඕන නෑ - දුමින්ද

ශ්‍රීලනිප ශක්තිමත් කරන්න කාගේවත් අවසර ඕන නෑ - දුමින්ද

පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් කාගෙන්වත් අවසර ගතයුතු නැතැයි , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක , රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ආණ්ඩුවේ ඇතුලේ හිටියද පක්ෂයක් ලෙස තම පක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නැතැයි ඔහු අවධාරණය කරයි.

පාක්ෂිකයින් අමතමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

අපි ආණ්ඩුවට ආවේ මෛත්‍රීපාල සිරිසේන විදිහට වෙනම නෙමෙයි.අපි ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට.අපි ගෝඨාභය මහත්තයා එක්ක ගිවිසුම් අත්සන් කරනවා.අපි පොහොට්ටුවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා.ඒ අත්සන් කරන්නේ පුද්ගලික නම් වලින් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, එහෙම නම් අද අපි ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා.ඒ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ,තැන්තැන්වල ආඩපාලී කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් කිරීමේ අරමුණ අපෙන් ඈත් කරන්න කාටවත් පුලුවන්කමක් නෑ "

මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට තමයි යුද්ධය ජයග්‍රහණය කලේ.ඒ යුධ ජයග්‍රහණයේ අයිතිය තියෙන්නෙත් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න