මංගලට කරන ලොකුම උපහාරය : හිටපු අග්‍රාමාත්‍ය කියයි !

මංගලට කරන ලොකුම උපහාරය : හිටපු අග්‍රාමාත්‍ය කියයි !

රට බරපතල අර්බුදයකට මුහුණදී ඇති බවත් මේ අවස්ථාවේ තරුණ කොටස් ඉදිරියට පැමිණ රට ගොඩනැගීම සඳහා නායකත්වය ගැනීම දිවංගත හිටපු අමාත්‍ය , මංගල සමරවීර වෙනුවෙන් කළ හැකි ලොකුම උපහාරය බව, එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු අගමැතිවරයා එබව සඳහන් කර සිටියේ, මිට තෙමසකට පෙර දැයෙන් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට අවසන් බුහුමන් දැක්වීමේ අවස්ථාවට පසුගියදා සහභාගීවූ අවස්ථාවේ ය.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ භෂ්මාවශේෂ එදින පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483 දරන ‘’රෙස්පෙක්ට්’’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙම අවස්ථාවට එක්වුයේ එම පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් ද සමගිනි. පසුගියදා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්වූ දිනුක් කොළඹගේ, කොළඹ නාගරික මන්ත්‍රී දුමිඳු ආටිගල, යොවුන් පෙරමුණේ සාමාජිකයින් වන පසිඳු ගුණරත්න, සජාන් සුරියආරච්චි ඇතුළු තරුණ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් ද ඔවුන් අතරවිය.

මාධ්‍යවේදීන්වේදීන් හමුවේ තවදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා, දේශපාලනය ගැන කලකිරීමට පත් තරුණ තරුණියන්ට අනාගතය ගැන විශ්වාසයක් ඇති කිරීමට මංගල සමරවීර පසුගිය කාලයේ විශේෂ වැඩසටහනක් ආරම්භකළ බවත්, එවැනි කටයුතු සඳහා තමන්ද කිහිපවරක් සහභාගී වූ බවත් ප්‍රකාශ කළේය.

තරුණ තරුණියන් පවතින දේශපාලනය දැඩි ලෙස පිළිකුල් කරන බවත්, ඔවුන් සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එවැනි තත්ත්වයක් තුළ තරුණ තරුණියන් වෙනුවෙන් මංගල සමරවීර ඇති කළ 'ෆ්‍රීඩම් හබ් (Freedom Hub) වැනි වැඩසටහන් අතිශයින්ම කලොචිතබව ඔහු එහිදී සඳහන් කළේය.

තරුණ පිරිසට තමන්ගේ වගකීම බාරගෙන නායකත්වය ගැනීම සඳහා මෙවැනි වැඩසටහන් සමග එක් විය යුතු බව පැවසු හිටපු අගමැතිවරයා, තරුණ පිරිස් එක්වී රටේ ප්‍රශ්න වලට විසදුම් ලබා දිය යුතු බවද කියා සිටියේය.

මේ වන විට ක්‍රියාකාරී තරුණ තරුණියන් විශාල පිරිසක් තමන් සමග එකතු වීම සදහා සාකච්ජා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍ය මෙහිදී සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න