දේශපාලන තීන්දුවක් ගන්න ශ්‍රීලනිප සූදානම් !

දේශපාලන තීන්දුවක් ගන්න ශ්‍රීලනිප සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර මතුව ඇති දැඩි දේශපාලන අර්බුදය මේ වන විට පැහැදිලි බෙදී වෙන්වීමක් දක්වා ඔඩුදුවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කර සිටින්නේ , වත්මන් ආණ්ඩුව කිසිම දැක්මක් නැති අයාලේ යන එදාවේල දුවන ආණ්ඩුවක් බවයි.

තුනෙන් දෙකේ බලය බලය සහිතව තම පක්ෂ නායකයන්ට දඬුවම් කරන බවට ආණ්ඩුවේ නායකයන් තර්ජනය කරන බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් තම පක්ෂ නායකයා කළ ප්‍රකාශයෙන් පසු ඔවුන් නිරුත්තර වී ඇතැයිද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ඉදිරි අයවැය ඡන්ද විමසීමේ දී ගන්නා තීන්දුව පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඇති අතර ආණ්ඩු විසින් දිගින් දිගටම පක්ෂයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් එහිදී දැඩි සැලකිල්ලට ලක් කිරීමටද නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න