තිස්ස කුට්ටි ෆෝම් වුණේ ඇයි : රෝහිණී මන්ත්‍රීවරිය හෙළිකරයි !

 තිස්ස කුට්ටි ෆෝම් වුණේ ඇයි : රෝහිණී මන්ත්‍රීවරිය හෙළිකරයි !

නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේදී තමන් සිදු කළ ප්‍රකාශයත් සමඟ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා තමන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් පහත් ලෙස ප්‍රකාශයක් සිදුකළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ආණ්ඩුවට චෝදනා කරයි.

තමන්ගේ ප්‍රකාශය අදාළ හොරකම කළ පුද්ගලයාට වැදුණු නිසා ආණ්ඩුවේ ප්‍රබල බළල් අතක් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා පහත් ආකාරයෙන් තමා විවේචනය කළ බව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

ඇය මෙසේ සඳහන් කර සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමිනි.

නැනෝ නයිට්‍රජන් ගෙන්වීමේදී එකකින් ඩොලර් නවයේ පනහක වංචාවක් සිදුව ඇති බව කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව නෑලු නයිට්‍රිජන් පොහොර ගෙන්වීමේදී සිදුව ඇති සමස්ත පාඩුව කෝටි 1100 බව මන්ත්‍රීවරිය පෙන්වා දෙයි..

තමා ව විවේචනය කිරීමට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදාගත් ආණ්ඩුවේ ප්‍රබල බළල් අත පිළිබඳව රටේ ජනතාව අද කතා කරමින් සිටින බව ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

එහිදී ඇය සඳහන් කළේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළොත් සැබෑ හොරුන් හඳුනාගත හැකි බවයි.

අද රටේ තීන්දු තීරණ ගන්නේ එකම පවුලක සහෝදරවරුන් කිප දෙනෙක් බවත් ඒම එම තීරණ මහපොළොව තුළ ප්‍රායෝගික නොවන බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේදී විපක්ෂය සමග එක්වීමට නියමිත බවත් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් කවිරත්න මන්ත්‍රීවරිය සඳහන් කරයි.

ඔවුන් මේ මොහොතේ විපක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඒවා දේශපාලන රහස් නිසාවෙන් කිසිවක් හෙළි කළ නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

රටේ පවතින ආර්ථික ප්‍රශ්නෙට පිලියමක් ලෙස නිසි නීති රීති රාමුවක් තුළ ගංජා වගාව නීතිගත කළ යුතු බවද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ වතමන් කතානායක මහින්ද යාපා අබේවර්ධන අපක්ෂපාතීව කටයුතු නොකරන බව ද ඇය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න