ටින්කරින් ලසන්ත ඝාතනය : වේලාසනින් පොලිස්පති දැනුවත් !

ටින්කරින් ලසන්ත ඝාතනය : වේලාසනින් පොලිස්පති දැනුවත් !

පසුගිය විසිපස්වන දා රාති‍්‍රයේ, ටින්කරින් ලසන්ත වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා වන සංජය ආරියදාස, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වන සාලිය පිරීස් මහතා අමතා, තමන්ගේ සේවාදායකගේ ජීවිතය අනතුරක තිබෙන බව දැනුම් දී තිබේ.

පොලිසිය, ආයුද පෙන්වීමට යැයි කියමින් ටින්කරින් ලසන්ත එළියට ගෙන ගොස් ඝාතනය කිරීමේ සැලැස්මක් තිබෙන බව ඒ වන විටත් විදෙස්ගතව සිටින මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය ඔහුගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුනි.

නීතීඥ සංජය ආරියදාසගෙන් පණිවිඩය ලැබුණු සැනින්, නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් මේ බව පොලිස්පතිවරයාට ඊමේල් පණිවිඩයක් සහ කෙටි පණිවිඩයක් හරහා දැනුම් දී තිබේ.

ඊට අමතරව, නීතීඥ සංගමයේ සභාපතිවරයා මේ බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයාටත්, දකුණු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාටත් දැනුම් දී තිබේ. මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා යන දෙදෙනාම, නීතීඥ සංගමයේ සභාපතිවරයාගෙන් තමන්ට දැන ගන්නට ලැබුණු ආරංචිය පිළිබදව අදාල බළධාරීන් දැනුවත් කර තිබෙන බවද තහවුරු කර තිබේ.

එමෙන්ම ඔවුන් දෙදෙනා විසින්ම අදාල සැකකරුගේ ජීවිත ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වන ලෙසද අදාල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

එසේ තිබිය දීත්, ඊයේ උදෑසන මාධ්‍යය වාර්තා කර තිබුණේ, කලින් දා රාති‍්‍රයේ ටින්කරින් ලසන්ත යන සැකකරු පොලිසිය මගින් ආයුධ පෙන්වීම සදහා රැගෙන ගොස් ඇති බවත්, එහිදී සැකකරු පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ බවත්, එම අවස්ථාවේ දී පොලිසිය ඔහුට වෙඩි තබා ඇති බවත් ය.

පොලිස් වෙඩි පහරින් අදාල සැකකරු ජීවතක්ෂයට පත්ව ඇති බවත් ය.

-mawrata

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න