අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්දගේ අත්සන නෑ !

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්දගේ අත්සන නෑ !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් තබා නොමැති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට හිටපු ජනාධිපතිවරයා ඊයේ (20) වන විටත් අදාළ ලියවිල්ලට අත්සන් තබා නොමැත.

හිටපු ජනාධිපතිවරයා හැරුණු විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් මේ වන විට විදේශගතව සිටින පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහද විශ්වාසභංග යෝජනාව ඇතුළත් ලියවිල්ලට අත්සන් තබා නොමැති බව වාර්තා වෙයි.

කෙසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් මීට පෙර හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ විශ්වාසභංග යෝජනාව සඳහා "රනිල් විරෝධයක්" තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට විශ්වාසයක් ඇති කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා අදාළ ලියවිල්ලට අත්සන් තැබීම වැදගත් බවය.

නමුත් මේ වන විට ඔවුන් සඳහන් කරමින් සිටින්නේ හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීම අවශ්‍ය නොවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න