පොදු දේපල පනත යටතේ වරදක් කල බව අනාවරණයවී නෑ : ඇලෝ - කසුන් ඇප ඉල්ලති

පොදු දේපල පනත යටතේ වරදක් කල බව අනාවරණයවී නෑ : ඇලෝ - කසුන් ඇප ඉල්ලති

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොණු කර ඇති බව වාර්තා වෙයි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති අතර අදාළ ප්‍රතිශෝධන පෙත්සම හරහා අභියාචනාධිකරණයට දන්වා ඇත්තේ, රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන නමුත් මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ වන බැවින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

ඒ හේතුවෙන් පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බවත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කල බවද එම පෙත්සමේ සඳහන් බව වාර්තා වෙයි.

එබැවින් කොටුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න