විශ්වාසභංගය අද හවස කතානායකට : අත්සන් කළ ශ්‍රීලනිප ඇමතිලා මෙන්න

විශ්වාසභංගය අද හවස කතානායකට : අත්සන් කළ ශ්‍රීලනිප ඇමතිලා මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පස්වරු 2.00 ට කතානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආමාත්‍යවරුන් වන ටී.බී.ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසිල් ප්‍රේමජයන්ත, සුසන්ත පුංචිනිලමේ ඇතුළු තවත් එක් අමාත්‍යවරයෙකු මේ වන විටත් අත්සන් තබා ඇති බවද ඔහු පවසයි.

newstube.lk වෙත අදහස් දැක්වූ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට විශ්වාසභංග යෝජනාවට සහය දෙන මැති ඇමතිවරුන් කතානායකවරයාට භාරදෙන ලේඛනය සඳහා අත්සන් නොතබන බවට එකඟතාවක් ඇතිකරගත් බවය.

ඒ පක්ෂ නායකත්වයට එරෙහි ලියවිල්ලකට ප්‍රසිද්ධියේ අත්සන් තැබීම ඔවුන්ට ප්‍රශ්නයක් විය හැකි නිසා බවත් නමුත් ඔවුන් විශ්වාසභංග යෝජනාවට ජන්දය විමසන අවස්ථාවේ ඊට සහය පළකිරීමට සුදානම් බවද එම ප්‍රකාශකයා පැවසීය.

එසේම වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව එජාප අභ්‍යන්තරයේ මැති ඇමතිවරුන් 17 කගේ අත්සන් ලේඛනයක් ඇති බවත් රනිල් වික්‍රමසිංහ වෙනුවට අග්‍රාමාත්‍යධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේම වෙනත් අයෙකු පත්කිරීමට පක්ෂව මැති ඇමතිවරුන් 32ක් සිටින බවට තම පාර්ශවයට දැනුම්දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න