ගෑස් සිමෙන්ති හිඟය : ඉස්සරහට නැති වේවි : මරු පාරිභෝගික ඇමති !

ගෑස් සිමෙන්ති හිඟය : ඉස්සරහට නැති වේවි : මරු පාරිභෝගික ඇමති !

වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇතැයි, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ , දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් ඇති බවයි.

මීට අමතරව, වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය ද, ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

එසේම හිඟය අවසන් වූ පසු රුපියල් 1,275 ක මිලකට සිමෙන්ති කොට්ටයක් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

උපකල්පන සහ නිවේදන ඇමති !

මේ වන විට වෙළඳ පොළ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම සහ උග්‍ර හිඟය සම්බන්ධයෙන් නිවේදන නිකුත්කරමින් සිටීම පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජකාරිය වී ඇත.

ඒ හැර පාරිභෝගික ආරක්ෂණ කටයුත්තක් සිදුවන බවක් පෙනෙන්නට නැත.

නිවැරදි ආර්ථික දැක්මක් , වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති වීම මේ අමාත්‍යවරුන්ගේ අසරණ බව තවත් තහවුරු කරයි.

නිදර්ශනයක් ලෙස මෙතෙක් ගෙවීමට ඇති විදෙස් ණය වත්මන් ආණ්ඩුව ගෙව්වා කියන නමුත් , සිදුව ඇත්තේ ණය ගෙවා සංචිත අවසන්කර ගැනීමයි. ඒ හැර සංචිත අවසන්කර ගැනීමෙන් අත්විය හැකි තත්ත්වය ආණ්ඩුවේ ප්‍රධානීන් සැලකිල්ලට ගත්තාද යන්න ප්‍රශ්නයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න