එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
සාදයකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකර ඇති මෙම පහරදීම සම්බන්ධව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාව පොලිසියට කැඳවා තිබු නමුත් ඔහු ඉදිරිපත් වුයේ නැත.
ඒ අනුව අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයා මහර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී එළඹෙන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
