තලවතුගොඩ BMW මෝටර් රථ අනතුරේ සැකකරු අත්අඩංගුවේ !

තලවතුගොඩ BMW මෝටර් රථ අනතුරේ සැකකරු අත්අඩංගුවේ !

තලවතුගොඩ ප්‍රදේශයේදී BMW වර්ගයේ මෝටර් රථයෙන් මාර්ග අනතුරක් කොට පළාගිය සැකකරු අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කල බව තලංගම පොලිසිය සඳහන් කරයි.

ලියාපදිංචි අංක තහඩු නොමැතිව වාහනය ධාවනය කිරීම,වාහන දෙකකට අලාභාහනි සිදුවන ලෙස රිය අනතුරක් සිදුකර පලා යාම යන චෝදනා යටතේ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකරද නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට අනුව මෙම කාර් රථයේ ලියාපදිංචි අයිතිකරු අංක 85 , සිගේරා පාර , මාදිවෙල ලිපිනයේ පදිංචි ෆාහිම් මොහොමඩ් හුසේන් යන අය වන අතර අනතුර සිදුවූ අවස්ථාවේ අදාළ මෝටර් රථය පදවා ඇත්තේද මෝටර් රථයේ හිමිකරු විසින්ය.

 මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

bmw 680px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න