Language Switcher

V2025

ඉල්ලීම් වෙනුවට ආණ්ඩුවට කොන්දේසි දාන්න ශ්‍රීලනිපය සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දැනට ඉල්ලීම් ඉදිරිපත් කරන පක්ෂයක් වුවද ඉදිරියේ දී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් වන බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුවද ඒ සඳහා නිසි තැන මේ ආණ්ඩුව ලබාදී නැතැයි ද ඔහු චෝදනා කළේය.

පක්‍ෂයට නිතරම ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බවත් ඔහු පැවසූ අතර ඒ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එම තත්ත්වය මත ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට පක්ෂය පත් කරවන බවද පැවසූ ඔහු ඒ සඳහා නිසි වේලාව පැමිණි විට ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනට කලබලයක් හදිසියක් නැති බවත් සඳහන් කළේය.