Language Switcher

V2025

ස්වර්ණවාහිනී හිමිකරු අලිරාජා : VIP පර්යන්තයෙන් ලංකාවට !

ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලයේ හිමිකරු වූ සුභාෂ්කරන් අලිරාජා ඊයේ (07) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ, මෙකී පැමිණීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති VIP පර්යන්තයෙන් සිදුව තිබීමය. 
 
මේ සඳහා අවසර පත්‍රය නිකුත් කිරීමට ජනාධිපති කාර්යාලය ආශ්‍රිත නිලධාරි මැදිහත්වීමක් සිදුව ඇති බවත් සමීප ආරංචිමාර්ග පවසයි.
 
මෙරටට පැමිණි අලිරාජාව කටුනායක ගුවන් තොටුපළේ සිට ඔහු නවාතැන් ගැනීමට වෙන්කරගෙන ඇති ටාජ් හෝටලය වෙත ගෙනගොස් ඇත්තේද මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික ආරක්ෂක සමාගමක විශේෂ ආරක්ෂාව යටතේ බවත්, එය විශේෂ රාජතාන්ත්‍රිකයකුට ලබාදෙන ආකාරයේ "විශේෂ" ආරක්ෂාව සැපයීමක් ලෙසත්  එම ආරංචිමාර්ග පවසයි.
 
ඒ සම්බන්ධ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ, අදාළ ආරක්ෂක සමාගමේ හිමිකාරීත්වයද ජනාධිපතිට අතිශය හිතවත් බවය.
 
කෙසේ වුවත් සුභාෂ්කරන් අලිරාජා ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලය ලබාගැනීම, එවකට විපක්ෂයේ සිටි පොදුජන පෙරමුණ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක්විය. ඒ සුභාෂ්කරන් අලිරාජා දමිළ ඩයස්පෝරාවට සම්බන්ධ බවත්, LTTE සංවිධානයේ කළු සල්ලි සුදුකිරීම ඔහුගේ ව්‍යාපාරය බවත් බවසමින්ය.
 
එවකට මෙකී ස්වර්ණවාහිනී ගනුදෙනුව කොටි හිතවතෙකු අතට මෙරට විද්‍යුත් නාලිකා, සංඛ්‍යාත පත්කිරීම ජාතික ආරක්ෂාව සමඟ පටලනවාද දකින්නට ලැබිණ. එහෙත් පසුගියදා අලිරාජා විසින් LPL තරගාවලියේ ජැෆ්නා වයිකිං කණ්ඩායමේ හිමිකාරීත්වයද ගනු ලැබිණ. එහෙත් පසුගිය ආණ්ඩු සමයේ හඬනගු පිරිස් නිහඬය.
 
වඩාත් සිත්ගන්නා සුළු සිදුවීම එය නොවේ.
 
මේ කොමිසමට මොකද වුණේ ?
swaranawahini
 
මේ අතර පහත පලවන්නේ, 2020 ඔක්තෝබර් 08 මව්රට පුවත්පතේ වෙබ් අඩවියෙන් උපුටාගත් පුවතකි. 
 
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි මුද්‍රිත මාධ්‍ය වාර්තා කොට තිබේ.

එසේම එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ගෙන ඇත.

මේ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමාගම් සමූහය සතු දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මාසයේදී මෙම කොමිසම පත් කෙරිණි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සභාපතිත්වය දැරූ එම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකර යන අයයි.

එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විදේශ සමාගම් කිහිපයකට විකිණීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමද මෙම කොමිසමට පැවරී තිබිණි.

කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

කෙසේවෙතත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මිලදී ගත් ලයිකා මොබයිල් හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා නැමැත්තා කොටි සංවිධානය සමග සමීප සබධතා පැවැත්වූවකු බවටත්, ඔවුන් සමග මුදල් ගනුදෙනු සිදු කළ අයකු බවටත් විශාල චෝදනාවක්ද එල්ල වී ඇත.

කෑගහපු සංවිධාන කෝ ? කෝ සද්දේ ?

තවද මේ පහත දැක්වෙන්නේ, මෙකී ගනුදෙනුව සම්බන්ධයෙන් හිරු නාලිකාවේ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය පළකර තිබූ තවත් පුවතකි.

 hiru