'මල්වානේ නිවස හැදුවේ බැසිල් දුන් මුදල්වලින්'- මුදිත ජයකොඩි උසාවියෙදී කියයි !

'මල්වානේ නිවස හැදුවේ බැසිල් දුන් මුදල්වලින්'- මුදිත ජයකොඩි උසාවියෙදී කියයි !

ආන්දෝලනාත්මක මල්වානේ නිවස හැදුවේ බැසිල් රාජපක්ෂ විසින් ලබා දුන් මුදල්වලින් බව ප්‍රකට ව්‍යාපාරිකයකු වන මුදිත උපාලි ජයකොඩි අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව පසුගිය 01දා ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

මුදිත ජයකොඩි මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සාක්ෂිකරු කියා සිටියේ කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත් ලබා ගත් බවයි.

ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණයේදී කියා සිටියේ ය.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

(newsfirst)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න