ශ්‍රී ලංකන් ගුවන් සේවය : ඈවරයි.. දෑවරයි.. ?

ශ්‍රී ලංකන් ගුවන් සේවය : ඈවරයි.. දෑවරයි.. ?

දැනට අතිශය පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබන බව පැවසේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම සහ අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වන බව පවසන එම ආරංචි මාර්ග ගුවන් යානා මෙහෙයුම සඳහා වැයවෙන සමස්ත වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුවන බවද පැවසේ.

එආ අනුව රජයේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීමට බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසා සිටී.

ඒ අනුව එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටී.

lanka lead -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න