ලිට්‍රෝ ගෑස් සභාපතිවරුන් කෙහෙවළු පටලවා ගනියි !

ලිට්‍රෝ ගෑස් සභාපතිවරුන් කෙහෙවළු පටලවා ගනියි !

ලිට්‍රෝ ගෑස් හිඟය සම්බන්ධයෙන් පලමුව කියවුනේ ඩොලර් හිඟය වුවත් එය වත්මන් ආණ්ඩුව පත්කළ හිටපු සභාපති වෙත සැකය යොමුවන ආකාරයක් පෙන්නුම් කරන අතර එය එකිනෙකාගේ කෙහෙවළු පටලවා ගැනීමක් බවට පත්ව ඇත.

මතුවූ ගෑස් හිඟයට හේතුව ඩොලර් හිඟය බව මුල් අවස්ථාවේදී ආණ්ඩුවේ ගෑස් සමාගම ප්‍රකාශ කළ ද ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පසුගියදා අනාවරණ කළේ ගෑස් වෙළඳපොළේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන මාෆියාවක් ඊට හේතුවූ බවයි.

”ගෑස් නැව මෙතනට ඇවිල්ලා තිබ්බා. ඔවුන් අපට තර්ජනය කරා. ගෑස් දෙන්න බැහැ. උඹලා මේ contract එක තව අවුරුදු දෙකකට දික් කරන්නෙ නැත්නම් කියලා. ඒකට අකමැති වීම නිසා, එය තර්ජනයට මුහුණදීම නිසා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා, මට සිද්ධ වුණා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන කල් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න”

ඊට ප්‍රතිචාර දක්වමින් ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ලිට්‍රො සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

වත්මන් ලිට්‍රෝ සභාපති පවසන්නේ හිටපු සභාපති ගේ ගෑස් ගිවිසුම හරහා කෝටි 1000ක වංචාවක් සිදුව ඇති බවකි.

හිටපු සභාපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා ඇත්තේ ඉන් හෙළි කළ කරුණු සම්බන්ධයෙනි.

ගෑස් මාෆියාව හෙළිදරව් කරන්න : ජවිපෙන් අභියෝගයක් !

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කර සිටින්නේ, ලිට්රෝ සභාපතිවරයා පවසන ආකාරයට ජනතාව අපහසුතාවයට පත්කරමින් වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් කවුරුන් ද යන්න රටට හෙළිදරව් කිරීම සභාපතිවරයාගේ වගකීම බවයි.

”දැන් ප්‍රශ්නය තියන්නේ කවුද මේ හොරකම් කරන්නේ. කවුද මේ පිටිපස්සේ ඉන්නේ. ඇමතිවරයාද රාජ්‍ය ඇමතිවරයා ද නැත්නම් ඊටත් ඉහළින් කවුරු හරිද මේ හොරකම් පිටිපස්සේ ඉන්නේ. එහෙම නිකන් පාවෙන කතා කියලා හරියන්නේ නැහැ”

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කර සිටින්නේ, කාගේ බලපෑමට ද මේවා සිද්ද වෙන්නේ කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. මීට අදාළ තොරතුරු සොයා ගත් වහාම ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

”ඒ අවශ්‍ය කරන තොරතුරු ලියකියවිලි හොයා ගත්ත ගමන් ඒකට අවශ්‍ය කරන නීති පියවර ගන්න අපි අනිවාර්යයෙන්ම මැදිහත්වෙනවා. ප්‍රශ්නය තියන්නේ ආණ්ඩුවල දේශපාලන හයියෙන් මේ හොරකම් වංචා යට කරනවා. ලිට්රෝ ගෑස් පිටිපස්සේ තියන ඔය කියන හොරකමක් යට වෙන්න පුළුවන් මොකද හොරු රකින්නෙත් මේ කට්ටිය”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න